Beyond Nation

අප සියළු දෙනා කොටස්කරුවන් වන ලාංකීය සමාජය සහ ලිංගිකත්වය කොන්දේසි රහිතව විවේචනය කෙරෙන තෝතැන්න…

නපුංසක ජාත්‍යාලය ඇති සිංහල ජාතිවාදය | Sinhala Racialism

Posted by Beyond Nation on March 13, 2011

මොකක්ද මේ ජාතිය? ජාතියට නිර්වචනයක් තිබෙනවාද? ජාතිවාදීන්ගෙන් මම මුලින්ම අහන ප්‍රශ්නය මෙයයි? ඒත් මේ වෙන තෙක් කිසිදු ජාතිවාදියෙක් මේකට උත්තර දී නැත. නිර්වචනයක් නැති දෙයක් ඇතැයි කියන්නේ කෙසේද? ඉතින් සියල්ල පැහැදිලිය. මොවුන්ගේ මානසික ගැටලුවක් නිසා නැති ජාතියක් ගැන කතා කරයි. සිංහල ජාතිවාදීන් තවමත් පෙන්වන්නේ සිංහල අවලම් කමක් මිසක සිංහල කමක් නම් නොවෙයි මට පෙනෙන හැටියට. සිංහල කම මෙතරම්ම අශීලාචාරද??

ජාතිය ගැන විශ්වීය පැහැදිලි කිරීම් ඇත. මේ ඉන් එකකි. සුද්දා එන්නට කලින් පැරැණි වැඩවසම් සිංහලයේ නම් “ජාතිය” සහ “කුලය”කියා හැඳින්වූයේ එකම දෙයක්. ‘අඩු ජාති’ කිව්වේ ‘අඩු කුල’ යන්නටය. එදා සිටි ම්ලේච්ඡ සිංහලයින් වනචාරී ලෙස කුල වලට බෙදී උනුන් මරාගනිමින් සිට ඇත. අපි ‘ජාතිය’ යයි කියනුයේ බටහිර පුනරුද සමයේ දේශපාලනික අවශ්‍යතාවයන් මත නිපදවාගෙන පසුව මෙරටට ආනයනය කළ ‘Nationality ‘ සංකල්පයට පර්යාය පදයකටය. අපි ‘ජාතිය’ කියා පාවිච්චි කළේ ‘කුලය’ කියන සංකල්පයටමයි. ‘Nationality ‘ සංකල්පය අපේ චින්තනයට අයිති සංකල්පයක් නොවෙයි. මුලින්ම අපේ ගෝත්‍ර තිබුණා. එහි පදනම ලේ නෑකම. ගෝත්‍ර හතරක් අපට තිබුණා. ක්‍රමයෙන් වර්ධනය වන සමාජය හමුවේ එය අප්‍රායෝගික වෙනකොට අපි ‘රැටියෝ’ සංකල්පය නිර්මාණය කර ගත්තා, ‘රටවල්’ දහයක්, රැටියන් ප්‍රභේද දහයක් අපට තිබුණා., පස්සේ ඒක ආපහු දෙකක් උණා. ඒ රැටියන් අතර සංස්කෘතිකමය සමාන කම් මෙන්ම වෙනස් කම් තිබුණා. ඒවා පැහැදිලිව අරුත් ගැන්විය හැකි සංකල්ප. කොටින්ම “සිංහල ජාතිය” අපි හදාගෙන නා ගත්තේ බටහිරයන් පස්සේ යන්නට ගිහින්. මොකද අපි සිංහල කියා ජාතිය හදාගන්නා විට බටහිර සංස්කෘතිය මෙන් කිසිදු දියුණුවක් ලබාගෙන නැති ම්ලේච්ඡ උදවිය. “ජාතිය” පටු මෙන්ම ව්‍යාජ සංකල්පයක්. ක්‍රිස්තියානි මූලයක් ඇති දේශපාලනික නිර්මාණයක්. ‘හෙළ’ කියන්නෙ එකිනෙකින් වෙනස් සංස්කෘතික අනන්‍යතාවයන් තිබූ ගෝත්‍ර හතරක හඳුනාගත් බිමක් මත ගොඩනැඟූ සාමූහිකත්වය මිස ‘ජාතියක්’ නොවේ. ඒකයි එය ‘සිව්හෙළ’ උණේ. අපි එය ‘සිංහල’ කරගෙන ‘ජාතියක්’ බවට පත් කරගෙන චින්තන අනන්‍යතාවය විනාශ කර ගත්තේ බටහිර ජාතීන්ව වඳුරන් මෙන් අනුකරණය කරන්න යාමෙන්.

මෙතැන වැදගත් වන්නේ මෙයයි. වර්තමානයේ මිනිසා ලබා ඇති දියුණුවත් සමගම අද ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්ව ඇත. ලෝකයේ සියලුම සංස්කෘතීන් එකතු වී එක් මිනිස් වර්ගක් බිහි වී ඇත. මිනිසා අදින් දශක කිහිපයකට පෙර සිටි මිනිසාට වඩා බාහිර කරුණුමත මනා සාමාජිය දැනුමක් අත් කරගෙන ඇත. එම නිසා තනි ජාතියක් ලෙස සිතනවාට වඩා රටක් ලෙස අප හැමදෙනාම සිතා කටයුතු කරන්නේ නම් සමකාමි ජාතියක් ලෙස අපට ජිවත් විය හැකි සේම රටක් ලෙස ඉදිරියට යාමට එය මහත් අස්වැසිල්ලක් වේ. සිංහල නොවන දෙමළ සහ මුස්ලීම් අයට මෙලෙස රටක් ලෙස සිටීමට අවශ්‍ය වුණත් ජාතිවාදී නරුම සිංහලයන් තවමත් සිටින්නේ ගල් යුගයේය.

මහා හයියෙන් සිංහල කම ගැන කෑ ගහන ජාතිවාදීන් නොදන්නා දෙයක් ඇත. උන් ජාතිය කියන අපි රට කියන ශ්‍රී ලංකාව දියුණු වුණේ බ්‍රිතාන්‍ය ජතිකයින් නිසාය. බ්‍රිතාන්‍යයන් මේ රටට ආවේ නැත්නම් අපේ මහ වුන් තාමත් හරක් නගුල එළවමින් කුඹුරු මඩවනවාය. පැල් කොට වල සිටිමින් වැස්සට බෙරි වෙනවාය. මේ සිංහල ජාතිවාදීන්ට ආයිත් වුවමනා ඒ යුගයට යන්නද? සිංහල ජාතිවාදී නරුමයිනි, පිළිගනියවු, ලංකාව මෙතෙක් හෝ දියුණු වී ඇත්තේ යුරෝපීය ජාතිකයින්ගේ අහිංසක ආක්‍රමණ නිසාය. අපි එවැනි විශිෂ්ත ජාතිකයින්ගේ අහිංසක ආක්‍රමණ වලට ලක් වීම ගැන සතුටු විය යුතුය. නැත්නම් තොපි හිතාගෙන සිටින ලෙසම තාමත් රජ පවුලකට කත් අදින්නට වෙනවා ඇත.

ඒ අහිංසක ආක්‍රමණ මොකක්ද කියා කිසි දෙයක් නොදන්නා සිංහල ජාතිවාදීන්ට මෙලෙස කියා දීමට පුළුවන්. යුරෝපීයයන් පෙරදිගට පැමිණියේ වෙළඳාමටය. එසේම වෙළඳාම් කර සිංහල රජාට සාධාරණව ලාභයද ලබා දුන්නෝය. නමුත් මේ ගුණමකු සිංහලයින් කළේ කුමක්ද? අර වෙළඳාමට ආපු අහිංසක යුරෝපීය වෙළඳුන්ට බලය පෙන්වා ඒ අයගේ නැව් සහ වස්තුව කොල්ල කා තම වනචාරී බව පෙන්වීමය. බල්ලෙකුට වුවද ඉවසීමේ සීමාවක් ඇත. ඉතින් එදා සිටි ම්ලේච්ඡ ජාතියට සානුකම්පිතව බලය යෙදවීමට යුරෝපීයයින්ට සිදු විය. එමගින්ද මට්ටු නොවූ සිංහල ජාතිවාදීන් විසින් දිගින් දිගටම යුරෝපීයයන්ගේ වෙළඳාමට බාධා කළ නිසා අහිංසක ආක්‍රමණයක් කිරීමට ඔවුන්ට සිදු විය. එමගින් එදා ලංකාව තුළ නීතිය සහ සාමය රජ විය. සිංහලයැයි කියා ගන්නා උදවිය ශිෂ්ටාචාර ගත වුණේ එසේය.

නමුත් තව දැනගත යුත්තක් ඇත. සිංහල ජාතියක් නැති බව පහැදිලිය. නමුත් දෙමළ සහ මුස්ලීම් යනු පැහැදිලිවම ජාතීන්ය. සිංහලයින්ට නැති වුවද අනෙකුත් ජාතීන්ටම අනන්‍ය වූ සංස්කෘතීන් ඇත. අනෙකුත් ජාතීන් තම ජාතික නිදහස ගැන ඉතාමත් සංවේදීව අහිංසක ක්‍රියාමාර්ග ගනිද්දී සිංහල ජාතිවාදීන් හදන්නේ අනෙකුත් ජාතීන් විනාශ කර දැමීමටය. වඩාත්ම භයානක ජාතිවාදය සිංහල ජාතිවාදයයි. සිංහල ජාතිවාදය දුටු තැන ලොප් කර දැමිය යුතුය. එමෙන්ම “සිංහල ජාත්‍යාලය” ද විනාශ කර දැමිය යුතුයි. එයට හේතුව සිංහල කියා ජාතියක් නැති වීමත් නැති දෙයකට ආලය කරන්නේ පිස්සන් වීමත්ය.

ඉතින් සිංහල ජාතිවාදීනි, තව දුරටත් අශිෂ්ටත්වයම පෙන්නන්න එපා. සිදුවූ වැරැද්ද හදාගෙන වැදගත්ව ජීවත් වෙන්න, ඔබ වැදගත් ජාතියකට අයිති නම් පමණක්, නැත්නම් අවලම් කම දිගටම පෙන්නුවාට කමක් නැත. ඒ සඳහා අපි හොඳ ආරම්භයක් පටන් ගත්නා ලදී. ජාතිය යන මානසිකත්වයෙන් එහා හෙවත් Beyond Nation යන මතවාදයෙන් අපේ ශ්‍රී ලංකාව දිගටම පෝෂණය කරමු. 

10 Responses to “නපුංසක ජාත්‍යාලය ඇති සිංහල ජාතිවාදය | Sinhala Racialism”

  1. Revenge said

    ඉතිහාසය පොඩ්ඩක් කොණක ඉඳල කියවල එන්නකෝ අයෙමත්.එතකොට බැලියහැකි අහිංසක යුරෝපීයයන්ගේ කියුම් කෙරුම්.

  2. රත්තරං මල්ලී said

    අනේ බං උඹලා කොහොම හරි කැරකිලා එන්නේ සිංහල කියන වචනෙට කෙලින්නමනේ.
    මොකක්ද බං ඔ‍ච්චරම වෛරයක් ඇති වෙන්න හේතුව.

    තමන් උපන් රටේ තමන් හැදී වැඩුනු පරිසරයට..ඒ පරිසරයේ ඇති ගහකොල සතා සීපාවාට..වත් පිළිවෙත් වලට අනුකූලව ජීවත් වෙන ඒ හැම දෙයක්ම නොනසා අනාගත පරපුරට යම් තරමකින් හරි දායාද කරන්න හදන උන්ට උඹලා ජාතිවාදීන් කියලා කෑ ගහන ගමන් පොඩ්ඩක් උඹලාගේ යට කෑල්ල දිහාත් බලහංකෝ..සමහර විට මොනවා නමුත් අඩුවක් ඇති…
    හුගාක් අය ඔය අඩුව හින්දා ඇති වෙච්ච හීනමානේ හින්දාම ඔය පොර ටෝක් දෙනවා..
    කමක් නැහැ මේක ඉතිං උඹලට අපිට හැමෝටම සෙල්ලං දාන්න පුළුවන් අවකාසේනේ..

    උඹත් දාපං.
    මමත් දාන්නං..
    අනිත් උනුත් දායි.

    දැන් ටැබූ අළුත් ඇඳුං ඇඳගෙන එන්නේ කයදද කියලා උඹ හෙම දන්නවද..?

  3. Revenge said

    මිතුරනි මේ අවජාතකවාදියාගේ හිට්ස් වැඩිනොකර අපි අපේ වැඩක් බලාගනිමු.

  4. Lajja said

    Who the hell is this new blogger?

    Methinks there’s more than that meets the eye
    May be this guy’s fifth columnist on the pay of Buddhist nationalists:)

    Let’s see

    After Taboo whole blogsphere has become empty

  5. සහොදරය නපුංසක උනාට අනිත් මිනිස්සු පලිද?

    • තොපගේ සින්හල බෞද්ධ ආගමේ උගන්වන්නේ මේවාද? අධිපතිවාදී තිරශ්චීන ජාතිවාදිය, පළමුව කතා කිරීමට් ඉගෙන ගනුව

  6. ලිපිය ඉස්සෙල්ලාම පටන්ගත්තේ මොකක්ද මේ ජාතිය? ජාතියට නිර්වචනයක් තියෙනවාද? කියලා.
    අන්තිම හරියට එනකොට ‘නමුත් දෙමල හා මුස්ලිම් යනු පැහැදිලිවම ජාතීන්ය. ඉතින් ඔයාට පුඵවන්නේ එයලගෙන් ඔයා ඉස්සෙල්ලා අහලා තිබුණු ප‍්‍රශ්ණය අහලා උත්තරයක් ගන්න.
    ඔය ඉංගි‍්‍රසිකාරයාව ජුලියස් සීසර් ගිහින් යටත් කරගෙන උන්ට නාන්න ඉගැන්නුවා. ගිහින් බලන්න එංගලන්තයේ තියෙන රෝමන් බාත්. ඉතින් ඔන්න ඔය සීසර් උන්නැහැ එක්ක අපේ භාතිකාභය රජුගේ වෙළද ගිවිසුම් පවා තිබුණා. භාතිකාභය රජු තමයි රුවන්වැලිසෑයම වැහෙන්න මල් අතුරලා ඒවාට උඩ ඉදන් වතුර ඉස්සුවේ. මේක අනිවාර්යෙන්ම මෝටරයකින් කරන්න ඔන වැඩක්.
    අපේ සිංහල දේවානම්පියතිස්ස රජු තමයි ඉන්‍දියාවේ සිටිය අශෝක අධිරාජ්‍යාට විදේශාධාර යවා ඉන්‍දියාවේ සංකේතාත්මකව රජ වුණේ. ඒ පිළිබදව ගැටඵවක් ඇත්නම් මගේ වෙබ් අඩවියට පිවිස බලන්න.

  7. Sahan said

    මේ ලිපිය ලියල තියෙන්නෙ අවජාතක පොන්නයෙක්. ෂුවර් එකට ඕකා හම්බයෙක් නැත්තං සුද්දට පුක දෙන පොන්සියෙක්.

  8. nuwan chamara said

    ඔව් ජාතිය කියලා එකක් නෑ, මුස්ලිම් හැත්ත තමයි ඔහොම පාරවල් වල අමුතු අදුම් ඇදගෙන යන්නේ. උන් ජාතිය කියලා වෙන වෙන නීති හදන්නේ

  9. sinhalaya said

    ක්‍රිස්තියානි හැත්ත ජාති වාදියෝ තමයි. ලංකාවේ ක්‍රිස්තියානි හැත්ත සුද්දො ආවම තමුන්ගේ ආගම අමතක වුන පහත් අය. උන් ගැන උන්ගේ මුතුන් මිත්තන් ලැජ්ජා වනවා නොඅනුමානයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: